Advertise here

නොරෝච්චෝල ප්‍රදේශයේ දී මරණයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ  මරණ ගැන විවෘත තීන්දුවක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 760 Views

නොරෝච්චෝල නාරක්කල්ලිය ප්‍රදේශයේ දී වෙරළට පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න අප්පුහාමි මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ප්‍රකාශ කළේ එම ධීවරයින්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා වැඩිදුර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවය. 

එමෙන්ම මරණයට පත් වූ ධීවරයින් දෙදෙනා පානය කළ ප්ලාස්ටික් බෝතලයේ අඩංගු දෑ මොනවා දැයි සොයා බැලීමට අදාළ බෝතලයේ අඩක් තිබූ ද්‍රාවණය ද රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර තිබේ.

මෙම සිදුවීමෙන් ඊයේ (29) දිනයේ දී පුද්ගලයින් දෙදෙනෙකු මියගිය අතර ඇති වූ සංකූලතා හේතුවෙන් තවත් කිහිපදෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් සහ 40ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකි.

👁️ 760 Views

More News..

Advertise here