Advertise here

ගාසා තීරයට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයෙන් නියෝග

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,600 Views

ගාසා තීරයට වහාම “ප්‍රබල ප්‍රහාර” එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (28) හමුදාවට නියෝග කර තිබේ.

මෙම තීරණයට හේතුවී ඇත්තේ හමාස් සංවිධානය විසින් සටන් විරාම ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි ඊශ්‍රායලය වාර්තා කිරීමයි.

නෙතන්යාහුගේ නියෝගය නිකුත් කිරීමට හේතුවී ඇත්තේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක්වන අතර එනම් සොල්දාදුවන් වෙත වෙඩි තැබීම සහ ප්‍රාණ ඇපකරු සිරුරු සම්බන්ධ ගැටලුවයි.

මේ වනවිටත් ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු 13ක් ගාසා තීරයේ ඇති බවට තක්සේරු කර තිබෙයි.

ගාසා තීරයේ සිදු වූ දැවැන්ත විනාශය මධ්‍යයේ මළ සිරුරු සොයා ගැනීමට තමන් අරගල කරන බව හමාස් පවසා ඇති අතර, සටන්කාමී කණ්ඩායම ඔවුන්ගේ ආපසු පැමිණීම හිතාමතාම ප්‍රමාද කළ බවට ඊශ්‍රායලය චෝදනා කර තිබේ.

සටන් විරාමයේ පළමු සතියේ හමාස් විසින් නිකුත් කරන ලද මළ සිරුරුවලින් එකක් හඳුනා නොගත් පලස්තීන ජාතිකයෙකුට අයත් බවයි ඊශ්‍රායලය පවසන්නේ.

පෙබරවාරි මාසයේ පැවති සටන් විරාමය අතරතුර, හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුගේ, ෂිරි බිබාස් සහ ඇගේ පුතුන් දෙදෙනාගේ මළ සිරුරු භාර දුන් බව පැවසූ නමුත්, පරීක්ෂණවලින් පෙනී ගියේ ආපසු ලබා දුන් එක් මළ සිරුරක් පලස්තීන කාන්තාවක් ලෙස හඳුනාගෙන ඇති බවයි.

ෂිරි බිබාස්ගේ මළ සිරුර දිනකට පසුව ආපසු ලබා දී තිබෙයි.

👁️ 2,600 Views

More News..

Advertise here