Advertise here

කෙන්යාවේ ගුවන් යානයක් කඩාවැටී පුද්ගලයන් 11 ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,020 Views

කෙන්යාවේ වෙරළබඩ කලාපයක් වන ක්වාලේ හිදී කුඩා ගුවන් යානයක් අද උදෑසන කඩාවැටීමෙන්, එහි ගමන් කළ පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසනවා.ගුවන් යානයේ කිසිවකු දිවිගලවාගෙන නැති බව එහි සඳහන්.

 මෙම අනතුර සිදුව ඇත්තේ ඩියානි ගුවන් පථයේ සිට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පමණ දුරින් පිහිටි කඳුකර සහ වනාන්තර ප්‍රදේශයකදීයි.

ගුවන් යානය ගුවන්ගතවී මිනිත්තු කිහිපයකට පසු කඩාවැටී ඇති අතර, එය ගිනිගෙන පුපුරා යාම හේතුවෙන් එම ස්ථානයේ පිළිස්සුණු සුන්බුන් පමණක් ඉතිරි වී තිබෙනවා.

අනතුරට පෙර විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණු බව පවසා ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයට පැමිණි විට ඔවුන්ට හඳුනාගත නොහැකි මිනිස් සිරුරු කොටස් හමු වී තිබුණා.

යානයේ ගමන් කළ පුද්ගලයන් සියලුදෙනාම විදේශීය සංචාරකයින් බව ක්වාලේ ප්‍රාන්ත කොමසාරිස් ස්ටීවන් ඔරින්ඩේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මොම්බාසා එයාර් සෆාරි නම් ගුවන් සමාගම පැවසුවේ ගුවන් යානයේ මගීන් 10 දෙනෙකු රැගෙන ගිය බවයි. හංගේරියානු ජාතිකයන් අට දෙනෙකු සහ ජර්මානුවන් දෙදෙනෙකු වූ අතර නියමුවා කෙන්යානු ජාතිකයෙක් බව ද සඳහන්.

කෙන්යා සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුරට හේතුව විමර්ශනය කරමින් සිටිනවා. යානයට අයත් මොම්බාසා එයාර් සෆාරි ගුවන් සේවය පවසා ඇත්තේ ඔවුන් සිවිල් ගුවන් සේවා ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

👁️ 4,020 Views

More News..

Advertise here