වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (28) ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, වෙඩික්කරුවන්ට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා, එම යතුරුපැදිය අලුත්වැඩියා කර දුන් තැනැත්තා සහ ත්‍රීරෝද රථ රියදුරෙකු බව සඳහන්ය.
👁️ 4,720 Views