Advertise here

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,500 Views

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වූ පොලිස් සැරයන්වරයෙකි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 3,500 Views

More News..

Advertise here