Advertise here

රත්මලානේදි පොලිස් අණ නොතකා වෙනත් වාහන අනතුරට ලක් කරමින් ගිය වැන් රථ රියදුරු ගැන අනාවරණය වු තොරතුරු

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,300 Views

රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් ඊයේ (25) වෙඩි තබා තිබෙනවා.

එම වෑන් රථයේ රියදුරු වෑන් රථය දමා පළා යාමට තැත් කිරීමේදී ඔහුව අත්අඩංගුවට ගෙන පසුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සුවාරපොළ සිට රත්මලාන දෙසට ගමන් කරමින් සිටි වෑන් රථයක් පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙසට අණ කර තිබෙනවා. අදාළ වෑන් රථය පොලිස් අණ නොතකා රත්මලාන දෙසට ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ද එම වෑන් රථය ලුහු බැඳ තිබුණා.

පසුව පොලිස් නිලධාරීන් විසින් රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශය ආසන්නයේදී වෑන් රථයේ රෝදවලට වෙඩි තබා තිබෙන අතර රියැදුරු වෙඩි වැදුණු රෝද සහිතව වෑන් රථය ඉදිරියටම ධාවනය කර තිබූ අතර පසුව තවත් වාහන කිහිපයක් ද අනතුරට ලක් කරමින් රත්මලාන දුම්රිය පොල ආසන්නයට පැමිණ තිබුණා.

අනතුරුව වෑන් රථය දමා පලා යාමට තැත් කළ අවස්ථාවේ පොලිසිය විසින් රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ සහ අත් පාවලට තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

ඔහු සංචාරක ව්‍යාපාරයට අදාළ රැකියාවක් සිදුකරන 29 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද පොලිසිය සඳහන් කළා.

මෙම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

සැකකරු පලා ගියේ කුමන හේතුවක් මත ද යන්න විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

👁️ 2,300 Views

More News..

Advertise here