Advertise here

දොඩන්ගොඩ දී මාරක අනතුරක් – තරුණයෙකු ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,080 Views

දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර මළබඩ හන්දිය දෙස සිට පුහාබුගොඩ දෙසට ධාවනය වූ ටැක්ටර් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පිටුපස ගමන් කළ දෙදෙනාම තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ යටදොල, නාවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දොඩන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 6,080 Views

More News..

Advertise here