Advertise here

ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට පොරොන්දු වුණ සහන ලබා දෙන්න – සමගි ජන බලවේගය මහ ලේකම්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,980 Views

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට පොරොන්දු වුණ සහන ලබාදීමට වහාම කටයුතු කරන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. ඊයේ (24 දා) එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තිබෙන චෝදනා පිළිබඳව මහජන ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. කෙසේ නමුත් නඩු කටයුතු තිබෙන, චෝදනා තිබෙන පිරිස් වෙඩි තබා ඝාතනය කිරීම ඇමැතිවරයා අනුමත කරනවාදැයි කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයක් කඳවුරුවල පිරිස්. ඒ වගේම 88 – 89 කාලයේදී සිදුවුණ අපරාධවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම 88 – 89 භීෂණයට සම්බන්ධ වුණ පිරිස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙත් නිරත වෙනවා. මොවුන්ට නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව ලබා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා. 88 – 89 කැරැල්ලේදී චෝදනා ලැබූ විශාල පිරිසකට දේශපාලනය කරන්න ප්‍රේමදාස ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් නිසියාකාර පරීක්ෂණ සිදුකළා නම් ආණ්ඩුවේ සිටින බහුතරයක් අද සිරගෙවල්වල.

වෙඩි ප්‍රහාරයකින් මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදිවයි දේශපාලනයට පිවිස තිබෙන්නේ. ඔහුව මහජන දිනය දවසෙයි වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ. ඔහුට චෝදනා තිබුණානම් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන්න ආණ්ඩුවට හැකියාව තිබුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා ඝාතකයන් අත්අඩංගුවට ගන්න රජය කටයුතු කළ යුතුයි.

👁️ 1,980 Views

More News..

Advertise here