Advertise here

ලොකු පැටී සහ කපුවා ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,600 Views

මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු පැටී” සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන දේවාලයක කපුවෙකු ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (24 දා) නියම කළේය.

මෙම සැකකරුවන් ඇපමත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බවත් අධිකරණය සඳහන් කළේය.

මෙම නඩුව ඊයේ (24 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ බන්ධනාගාරගත කර සිටින “ලොකු පැටී” නමැති සැකකරු සූම් තාක්‍ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

👁️ 5,600 Views

More News..

Advertise here