Advertise here

බැකෝ සමන්ට අයත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,020 Views

බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව සඳහන්.

එමෙන්ම රුපියල් කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මොනරාගල – කොළඹ අතර මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබේ.

එමෙන්ම එම බස් රථ දෙක වෙනත් අයගේ නම් යොදාගෙන මිලදීගන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකය.

👁️ 3,020 Views

More News..

Advertise here