Advertise here

විපක්ෂය අද කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,140 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය අද(23) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව තුළ දවස පුරා සංකේතාත්මක විරෝධතාවයක නිරත වුණා.

මේ සම්බන්ධයෙන් මුලින්ම අදහස පහළ වී ඇත්තේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට .

ඊයේ(22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව විපක්ෂ නායක කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව මුලින්ම යෝජනා කර ඇත්තේ හර්ෂණ රාජකරුණා.

ඒ අනුව සමගි ජන බලවේගය ඇතුළු මුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කළු ඇඳුමින් හෝ විරෝධතාවයක් පැවැත්වීමට කළු සංකේතාත්මක දෙයකින් සැරසී එන ලෙසට වට්ස්අප් හරහා දැනුම් දීමට කටයුතු කර තිබේ

එලෙසම “ලසන්ත වික්‍රමසේකර සභාපතිවරයාගේ අවමගුල් උත්සවය පවත්වන ලබන ඉරිදාට වැලිගමට සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම පැමිණෙන ලෙස”, සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබෙනවා.

👁️ 2,140 Views

More News..

Advertise here