Advertise here

වාද්දුව හෝටලයක ගින්නක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,480 Views

වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.

මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ  නිළධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටී.

දෙවන මහලේ පැවති  ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරව සිටී අයවළුන් බේරාගැනීමට දිගු ඉනිමගක් ආධාරයෙන් ගිනි භටයින් තෙවන මහලට ගොඩවී ගින්න පාලනය කිරීමට සමත්වුණා.

හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයන් ඉවතට ගෙන ඇති බවත් , දෙවන සහ තුන්වන මහලේ නවාතැන් ගෙන සිටි අටදෙනකු සුරක්ෂිතව පහලට ගැනීමට කටයුතු කළ බවත් ගිනි නිවන ඒකකය සදහන් කරනවා.

👁️ 3,480 Views

More News..

Advertise here