2025 අංක 14 දරන සංශෝධිත විදුලිබල පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී සමාගම් 06ක් ස්ථාපිත කරන බව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.
ඒ අනුව එම සමාගම් වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් ප්‍රොවයිඩර් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ටි්‍රසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ටි්‍රසිටි ඩිස්ටි්‍රබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, එනර්ජි වෙන්චර්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, සීබී එම්ප්ලෝයිමන්ට් ෆන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් බව ද හෙතෙම කීය.
විදුලිබල මණ්ඩලය සියයට 6.8කින් විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇතත් ඉදිරියේදී විදුලි බිල අඩු කිරීම සිය අරමුණ බව කී ඇමැතිවරයා යම් ප්‍රමාණයකින් බිල වැඩි කළද තවමත් ඇත්තේ පෙර ආණ්ඩු කළ වැඩි කිරීම්වලට වඩා සියයට 05කට අඩු මට්ටමක යැයි ද කියා සිටියේය.