දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයින් 10,553ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදුව තිබේ.
නිවාස 387කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 02කට පූර්ණ හානි සිදුව ඇත.
එමෙන්ම පුද්ගලයින් 30 දෙනෙකු තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.
👁️ 740 Views