සනායි තකයිචි ඊයේ (21දා) එරට පළමු අගමැතිනිය ලෙස තේරී පත්වූවාය.
ඊයේ ජපාන පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ ඡන්ද විමසීමක දී ඇය මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගෙන තිබේ. ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237 ක් දිනාගැනීමට ඇය සමත්ව ඇත.
64 හැවිරිදි ඇය ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරා ගැනුනේ මීට දෙසතියකට පෙරය.
ජපන් නායිකාව වීමට ඇය ගත් තුන් වැනි උත්සාහය මෙය වන අතර ඇය අභාවප්‍රාප්ත හිටපු අගමැති ෂින්සෝ අබේගේ අනුගාමිකයෙක් ලෙසද ජපානය තුළ ප්‍රකටය.
👁️ 3,880 Views