Advertise here

වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,500 Views

වෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාකවිට හා තම්මිට ප්‍රදේශවලදී ඊයේ (20) දහවල් කාලයේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අවුරුදු‍ 28 හා 33 වයස්වල පසුවන මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එක් සැකකරුවෙකු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 510 ක් තිබී ඇති අතර අනෙක් සැකකරුවා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19 ක් හා අපරාධයට යොදා ගනු ලැබූ යතුරුපැදියක්ද තිබූ බව සඳහන් වේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 

👁️ 2,500 Views

More News..

Advertise here