Advertise here

කිඹුලකු ධිවරයෙක් ඩැහැගනී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,520 Views

හුංගම කළමැටිය කලපුවේ ධීවර රැකියාවේ නිරතවෙමින් සිටි  ධිවරයෙක් කිඹුලකු විසින් ඩැහැගෙන යෑමෙන් අතුරුදහන්ව ඇතැයි වාර්තා වෙනවා.

මෙම සිද්ධියට අදාළ ධීවරයාගේ  සිරුර ඊයේ (20) දිනටත් හමු වී නැති බව  හුංගම පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසින් විසින් ධීවරයා අතුරුදන්ව ඇති කළමැටි කලපුවේ එම ස්ථානය අවට පාරු යොදාගෙන සෝදිසි සිදු කිරීම  ඊයේ (20) දිනයේත් සිදුකර තිබුණා.

මෙලෙස කළමැටි කලපුවේ  අතුරුදන්ව ඇත්තේ හුංගම තුඩුව පදිංචි 56 හැවිරිදි කේ.ජී නන්දසිරි  (කළු මල්ලි ) නමැති  තිදරු පියෙක් බවද පොලීසිය පවසනවා.

ඉකුත් (18) රාත්‍රි කලපුවේ ඉස්සන් ඇල්ලිමට තවත් ධීවර කාර්මිකයෙක් සමඟ සුපුරුදු රැකියාවේ නිරත වෙමින් සිටියදී මෙම ධිවර කාර්මිකයා එලෙස අතුරුදන්ව තිබුණා.

මීට පෙරද අවස්ථා කිහිපයක දී කිඹුලන් විසින් ධිවරයින් කිහිප දෙනෙක් ඩැහැගෙන ගොස් ඇති බවත්, ඒ අයගේ සිරුරු හමු වි නැති බවත්, ධීවරයින් සඳහන් කරනවා.

👁️ 4,520 Views

More News..

Advertise here