හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වෙයි.
වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ලකර තිබෙන අතර වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇති බවත් පැවසෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
👁️ 5,360 Views