Advertise here

ප්‍රංශයේ හිටපු ජනාධිපතිට පැනවූ සිර දඬුවම අඟහරුවාදා සිට ක්‍රියාත්මකයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,800 Views

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට පැනවූ සිර දඬුවම අඟහරුවාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

 සිය 2007 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ලිබියානු අරමුදල් ලබා ගැනීමේ සැලැස්මක් සම්බන්ධයෙන් මෙම සිර දඬුවම නියමවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  යුරෝපා සංගම් රටක හිටපු ප්‍රධානියෙකුට සිර දඬුවම් නියම වූ පළමු පුද්ගලයා වන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා බවය.

ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබාගැනීමේ කුමන්ත්‍රණයකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට පසුගිදා වසර පහක සිර දඬුවමක් නියමකළේය.

හිටපු රාජ්‍ය නායකයා පැරිසියේ ලා සැන්ටේ බන්ධනාගාරයේ සිරගත කිරීමට නියමිතයි.

👁️ 3,800 Views

More News..

Advertise here