Advertise here

බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 කට තුවාල

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,680 Views

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් බටුවත්ත මහා විද්‍යාලයේ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය.

බස් රථය බැම්මක් ගැටී, පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් පොලීසිය සැකපළ කරන්නේ බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ළමුන් 20 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

අනතුර සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

👁️ 4,680 Views

More News..

Advertise here