Advertise here

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සටන් විරාමය සඳහා එකඟ වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,660 Views

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සටන් විරාමයක් සඳහා එකඟ වී තිබේ.

කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් දෝහා හි පැවති සාකච්ඡාවලින් පසු පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර හටගෙන ඇති දේශසීමා ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දෙරටේ නියෝජිතයින් සමග ඊයේ කටාර්හි දෝහා අගනුවර දී ආරම්භ විය

ගත වු සතියේ ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ පැය 48ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබුණ ද එම කාලසීමාව තුළ ද දෙපාර්ශවය අතර වෙඩි ප්‍රහාර හුවමාරුවීම් වාර්තා වී තිබුණි.

👁️ 1,660 Views

More News..

Advertise here