Advertise here

යුක්‍රේන ජනපති සෙලන්ස්කි, ජනපති ට්‍රම්ප් හමුවේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,320 Views

යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලන්ස්කි, වොෂින්ටන් නුවරදී අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී තිබෙනවා.

යුද ආධාර දීම ඇතුළු යුක්රේන – රුසියා යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසන්නේ, යුද්ධය නවත්වා සාධාරණ හා කල්පවතින සාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එකඟ විය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන මතය සමඟ තමන් ද එකඟ වන බවයි.

යුක්‍රේනයේ පවතින ගැටුම අවසන් කිරීම සඳහා රුසියාව සහ යුක්‍රේනය අතර සෘජු සාකච්ඡා ඇති කර ගැනීමට ට්‍රම්ප් උත්සාහා කරන බවට මීට පෙර වාර්තා වුණා.

👁️ 2,320 Views

More News..

Advertise here