ඇෆ්ගන් දේශ සීමාව අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළුන් හත් දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් රථයක් දේශ සීමාව අසල පිහිටි හමුදා කඳවුරකට කඩා වැදී තිබූ අතර එහිදී එම ස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ තවත් දෙදෙනෙකුට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් වෙඩි තබා තිබුණා.
👁️ 3,540 Views