ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමග ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා සිදුකරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
අග්‍රාමාත්‍යවරිය ඊයේ දිල්ලි විශ්වවිද්‍යාලයීය හින්දු විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වූ අතර, ඇය එහි ආදී විද්‍යාර්ථයෙකු ද වනවා.
එමෙන්ම,අග්‍රාමාත්‍යතුමිය ඊයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ද හමුවුණා.
👁️ 2,000 Views