Advertise here

 ශ්‍රී ලංකා රජයෙන් වාහන ආනයන බදු ගැන විශේෂ ඉල්ලීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,160 Views

වාහන ආනයනකරුවන් පිරිසක් විසින් මෝටර් රථ සඳහා අය කරන බදු මුදලේ යම් අඩු කිරීමක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2026 වසරට අදාළව අයවැය යෝජනාවක් ලෙස වාහන ආනයනකරුවන් මෙම ඉල්ලීම කර ඇති අතර සාමාන්‍ය පුද්ගලයකුට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම මෙම ඉල්ලීමේ අරමුණ බවයි පවසන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස 28 වැනිදා අවසරය ලබා දීමෙන් පසුව ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 918 ක වාහන ආනයනය කර ඇති බවයි.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 249 ක වාහන මෙරටට ආනයනය කර ඇති අතර මේ වනවිට වාහන අලෙවියේ විශාල අඩු වීමක් පවතින බවද වාහන ආනයනකරුවන් පවසනවා.

👁️ 3,160 Views

More News..

Advertise here