Advertise here

ඉෂාරා රටින් පළාගිය හැටි හෙළිවෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,040 Views

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

අද (14) දහවල් කාලයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉෂාරා සෙව්වන්දිව පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව නේපාලයේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

එම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.බොහෝදුරට එම අපරාධකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට රැගෙන ඒමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 ඉෂාරා සෙව්වන්දි මිද්දෙණිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර, එයට JK බායි නැමැත්තා උපකාර කර ඇතැයිද වාර්තා වේ.

ඇය රු ලක්ෂ 65ක් පමණ වියදම් කර ඉන්දියාවට පලාගොස් එහි සති තුනක පමණ කාලයක් රැඳී සිට තිබේ.

ඉන් අනතුරුව ඉෂාරා බස්වලින් සහ දුම්රියෙන් පලාගොස් ඇති අතර, දින 7කට පසුව ඇය නේපාලයට ළඟා වී ඇතැයි ද වාර්තාවේ.

පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටිය දී ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.

👁️ 1,040 Views

More News..

Advertise here