Advertise here

නීතිඥ ගුණරත්ත වන්නිනායක සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 03ක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,100 Views

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මග හරිමින් සිටින නීතිඥ ගුණරත්ත වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යොදවා තිබෙනවා.

මේ අතර ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ නියෝග කළා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් පිරිසක් සහ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතර බහින්බස්වීමක් සිදුව තිබුණේ ඉකුත් 10 වැනිදායි.

👁️ 4,100 Views

More News..

Advertise here