Advertise here

හමාස් සංවිධානයේ පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම ඊශ්‍රායලයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,920 Views

මැද පෙරදිග ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රියාවලියට අදාළව, පළමු ප්‍රාණ ඇපකරුවන් 7 දෙනා ඊශ්‍රායලයට ලබා දී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ඊශ්‍රායල රජය විසින් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බවයි සඳහන්.

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු සහ මියගිය 28 දෙනෙකුගේ දේහයන් මුදා හැරීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් පලස්තීන සිරකරුවන් 1,718 දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

මීට පෙර අනුමත කර තිබූ සංඛ්‍යාව 1,722ක් වූ නමුත්, එය මේ වන විට 1,718ක් දක්වා සංශෝධනය වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම හුවමාරු ගනුදෙනුව ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමේ පුළුල් සාම සැලැස්මක කොටසක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

👁️ 2,920 Views

More News..

Advertise here