Advertise here

ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරියාට ඇප.

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,980 Views

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත 2ක් මත  අදාළ කොස්තාපල්වරයා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙහිදී පොලීසිය විසින් අදාළ සිද්ධිය වූ අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයාට නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් තවත් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

තවදුරටත් කරුණු වාර්තා කරමින් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ මේ වන තුරු නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වීමක් හෝ පොලීසියට ප්‍රකාශ ලබා දීමක්ද සිදු කර නොමැති බවත්ය.

👁️ 1,980 Views

More News..

Advertise here