Advertise here

ආරක්‍ෂක සමාලෝචන කමිටුවේ තීන්දුව අනුව මහින්දට , මෛත්‍රිට නැවත වෙඩි නොවදින රථ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,100 Views

විශ්‍රාමික ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් වෙත වෙඩි නොවදින රථ නැවත ලබාදෙන්නේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති ආරක්‍ෂක සමාලෝචන කමිටුවේ තීන්දුව අනුව බව මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති ආනන්ද විජේපාල මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් විසින් තමන්ට වෙඩි නොවදින රථ ආපසු ලබාදෙන ලෙස ලිඛිතව කර ඇති ඉල්ලීම්වලට අනුව එම වාහන නැවත භාරදීම මෙම කමිටුවේ නිර්දේශය මත සිදු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ ඔවුන්ට ලබාදී තිබූ වෙඩි නොවදින රථ මීට පෙර නැවත රජයට ලබාගෙන තිබිණ. වෙඩි නොවදින රථ ලබාගැනීම හරහා ඔවුන්ගේ ආරක්‍ෂාවට යම් බලපෑමක් වනවා නම් එම රථ නැවත ලබාගැනීමේ හැකියාව ඇති බවද ආනන්ද විජේපාල මහතා පවසයි.

👁️ 3,100 Views

More News..

Advertise here