Advertise here

මන්ත්‍රී 3 දෙනෙක් ඉල්ලා අස්වීමට සූදානමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,900 Views

ලබන වසරේ දී (2026) පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා තරග කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි සජබය වෙත ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එලෙස ඉල්ලා අස්වීමට නියමිත මන්ත්‍රීවරුන් තිදෙනා පළාත් සභා තුනක මහ ඇමැති අපේක්ෂකවරුන් ලෙස ඉදිරිපත්වීමට නියමිත බව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

එලෙසම මෙම තිදෙනා අතරට ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයකු ද සිටින බව ඉහත ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

👁️ 4,900 Views

More News..

Advertise here