Advertise here

පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු මියගිය සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,660 Views

පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු (අවු:5) මියගිය සිද්ධියට අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා, ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද (10) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මිරිහාන ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ දරුවෙකු පාසලේ පිහිණුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලී ඊයේ (09) දින රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ නුගේගොඩ – තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි පෙරපාසල් යන දරුවෙක්.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පිහිණුම් තටාකයකට අදාළ පාසලේ ගුරුවරුන් සමග දරුවන් පිරිසක් පිහිණුම් පුහුණුවීම් සදහා ඊයේ පස්වරුවේ ගොස් තිබුණා.

පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ පුහුණුවීම් කරමින් සිටියදී සිසුවා දියේ ගිලී ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ පියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබුණා.

👁️ 5,660 Views

More News..

Advertise here