මියන්මාරයේ ආගමික උත්සවයක් අතරතුර පැරෂූට යොදාගෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා තවත් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
උත්සවයට සමගාමීව එරට ජුන්ටා හමුදා ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඉටිපන්දම් දල්වා ගත් උද්ඝෝෂණයක්ද පැවැත්වෙමින් තිබුණා.
එරට ජුන්ටා විරෝධි මහජන ආරක්ෂක බලකාය පවසා තිබුණේ එම අවස්ථාවේ මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන පැරෂුටයකින් බෝම්බ දෙකක් හෙලා එම ප්‍රහාරය සිදුකළ බවයි.
එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු තමන්ට ලැබුණු බවත් ඒ හේතුවෙන් උද්ඝෝෂණය වහාම අවසන් කිරීමට උත්සහ කළ බවත් මහජන ආරක්ෂක බලකායේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
ඔහු පවසන්නේ පැරෂුටයෙන් පැමිනි භටයින් බලාපොරොත්තු වූ වේලාවට පෙර එම ස්ථානයට පැමිණ ඇති බවයි.
ප්‍රහාරය එල්ල වන විට එම ස්ථානයේ සිටි පිරිස සියයකට ආසන්න බව විදෙස් වාර්තාවල සඳහන්.
👁️ 960 Views