Advertise here

පුහුණුවීම් අතරතුර පිහිණුම් තටාකයේ ගිලී දරුවෙකු මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,200 Views

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ.

මෙම අනතුර ඊයේ (08) සවස සිදුව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ මෙම ළමයා පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇති අතර පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

👁️ 1,200 Views

More News..

Advertise here