Advertise here

කොටගලදී යතුරුපැදි දෙකක් ගැටී දෙදෙනෙක් රෝහලේ 

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 760 Views

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනාටම තුවාල සිදුව තිබෙනවා.

කොටගල ප්‍රාදේශීය රෝහල වෙත තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

අද (07) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ කොටගල නගරය මධ්‍යයේදී බවයි දිඹුලපතන පොලිසිය පැවසුවේ.

තලවකැලේ සිට හැටන් දක්වා සහ හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරුපැදි දෙකක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරුපැදිකරු එම දිසාවටම ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ඉදිරියට පැමිණි යතුරුපැදියේ ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

යතුරුපැදි දෙකටම අනතුරින් බරපතල ලෙස හානි සිදු වී ඇති බවයි දිඹුලපතන පොලිසිය පවසන්නේ.

👁️ 760 Views

More News..

Advertise here