Advertise here

අදත් තද වැසි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,040 Views

අද (05) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව්  දිස්ත්‍රික්කවලත් ඇතැම්  ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

👁️ 3,040 Views

More News..

Advertise here