Advertise here

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,060 Views

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

👁️ 2,060 Views

More News..

Advertise here