Advertise here

මත්ද්‍රව්‍ය 700kg මෙරටට රැගෙන ආ යාත්‍රාව සහ සැකකරුවෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,140 Views

තංගල්ල – සීනිමෝදර ප්‍රදේශයේ හමුවූ මත්ද්‍රව්‍ය කිලෝ 700 මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ යාත්‍රාව සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු දෙවුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

පසුගියදා තංගල්ල – සීනිමෝදර සහ ගොඩැල්ලවල ප්‍රදේශවල ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 700 ක් සොයාගනු ලැබුවා.

එහිදී එම එක් ලොරි රථයක තිබී ටී – 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර 05 ඇතුලු‍ව ගිනි අවි 06 ක් පොලිසිය විසින් එහිදී සොයාගෙන තිබුණා.

නිවසක මියගිය පුද්ගල මළ සිරුරු 2ක් හමුවීමේ සිද්ධියෙන් පසුව එම නිවසේ සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව එහි නවතා තිබූ ලොරි රථ දෙකක මත්ද්‍රව්‍ය තිබී හමුවී තිබුණා. පසුව තංගල්ල වෙරළ ආසන්නයේ තවත් ලොරියක තිබී ද මත්ද්‍රව්‍ය සොයා ගත්තා.

👁️ 3,140 Views

More News..

Advertise here