Advertise here

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස 01 සිට නොමිලේ නැහැ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,660 Views

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස 01 වැනිදා සිට නොමිලේ ලබාදීම නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නෙදෙන ෂොපින් බෑග් ඇතුළු බහාලුම් මලු සඳහා පාර්භෝගිකයාගෙන් අයකරන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවයි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ 10(1) ආ 2 වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරී ඇති බලතල ප්‍රකාරව අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් මලු සදහා අයකරනු ලබන මිල වෙළදුන් විසින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවට අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එලෙසම, ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ එස් එල් එස් සහතිකය නොමැතිව නිෂ්පාදන, ඇසිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම අත්හිටුවමින් ද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය ලබන වසරේ අප්‍රේල් මස පළමු වනදා සිට බලපැවැත්වෙනු ඇති ඒ අනුව දියරමය පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිතා කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සහ ළදරුවන්ට ආහාර ලබා දීම සදහා ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් මෙම ප්‍රමිති පිරිවිතරවලින් අනාවරණය කෙරෙනවා.

👁️ 2,660 Views

More News..

Advertise here