අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබේ.
සැප්තැම්බර් 1 වැනිදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල, ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇති බව ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා පවසා සිටියා.
එමෙන්ම, ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවිකර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.
👁️ 620 Views