Advertise here

එක්දින ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකාවට 270ක ඉලක්කයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,160 Views

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වනවිට ඉන්දියාවේ ගුහාතිහිදි පැවැත්වෙයි.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස්කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ තීරණය වුයේ පළමුව පන්දු රැකීමටය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පැමිණි ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 8ක් ලබාසිටි ස්මෘති මන්දනාව දවාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.

එලෙසම හාර්ලීන් ඩියෝල් ලකුණු 48කට සහ නායිකා හර්මන්ප්‍රීත් කෞර්ගේ ඉනිම ලකුණු 21කට සීමාකරන්නට ඉනෝකා රණවීර සමත් වුණි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය 270කි.

👁️ 1,160 Views

More News..

Advertise here