Advertise here

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදෙන පහසුකම් පුළුල් කිරීමට පියවර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,700 Views

විදේශ රැකියාවක නියුතුව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව, විදේශ රැකියාවකදී සිදුවන හදිසි මරණයක් වෙනුවෙන් රක්ෂණ වන්දිය ලෙස රුපියල් ලක්ෂ 20ක් ලබාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන සුබසාධන පහසුකම්ද පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවද කියන එම කාර්යාංශය, විදේශගත ශ්‍රමිකයන්ගේ මෙරට සිටින සැමියාට හෝ බිරිඳට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවද පවසයි.

එලෙසම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්ව මුදල ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් ජනාධිපති අරමුදල හරහා විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම සම්බන්ධව ද මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

👁️ 2,700 Views

More News..

Advertise here