ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන නිල සංචාරය අතරතුර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති දෙකක් සම්බන්ධ “අත්සන් හුවමාරු” කිරීම අද (29) පස්වරුවේ සිදුකර තිබෙනවා.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනු ලැබුවේ, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මෙම ගිවිසුම් ලෙස, “නිල ආරක්ෂක සහය වැඩසටහන (OSA)” සහ “කිරි ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය” යටතේ අත්සන් තබන ලද බවයි
ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකීඕ ඉසොමාටා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා
👁️ 1,100 Views