Advertise here

ලෝක හදවත් දිනය අදයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,580 Views

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් ලෝක හදවත් දිනය අද සමරනු ලබනවා.

ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමය.

ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ඊයේ (28) පැවති වැඩසටහනකට එක්වෙමින්  හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් කියා සිටියේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

👁️ 2,580 Views

More News..

Advertise here