Advertise here

2025 ආසියානු කුසලාන ශූරතාව ඉන්දියාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,200 Views

2025 ආසියානු කුසලාන ශූරයින් බවට පත් වීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) සමත් වුණා.

ඒ 2025 ආසියානු කුසලාන අවසන් මහා තරගය ලෙසින් පාකිස්ථානය සමග පැවති තරගයෙන් කඩුළු 05ක ජයක් වාර්තා කරමින් වන අතර, මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව ආසියානු කුසලානයක් හිමිකරගත් 09 වැනි අවස්ථාව ලෙස මෙය සටහන් වනු ඇති.

අද තරගයේ පිළිතුරු ඉලක්කය ලෙසින් ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 19.4ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 150ක් වාර්තා කිරීමට සමත් වුණා.

ඉන්දීය ජයග්‍රහණයේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ වූ තිලක් වර්මා නොදැවී ලකුණු 69ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දු 53කට මුහුණදුන්නේය.

පැය එක හමාරකටත් අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටි වර්මා සිය ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 9කින් වර්ණවත් කළේය.

පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන්, ෆහීම් අෂ්රෆ් කඩුළු 03ක්ද, අබ්රාර් අහමඩ් සහ ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඊයේ (28) තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළා.

👁️ 1,200 Views

More News..

Advertise here