Advertise here

කඩුවෙල පාලම යටින් මළ සිරුරක් හමුවෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,920 Views

කැලණි ගඟේ කඩුවෙල පාලම යට තිබී නරක් වූ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා.

අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය.

දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත.

මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර, එම පුද්ගලයා ඇද සිට කලිසම බවට සැකකල හැකි කලිසමක ගල් පුරවා දෙකෙළවර ගැට ගසා ඉනෙහි ගැටගසා තිබී ඇත.

නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

👁️ 2,920 Views

More News..

Advertise here