විදේශගත සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉදිරි මාස එකහමාර තුළ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරන බව විදේශ ඇමැති විජිත හේරත් ඇමරිකාවේදී පැවසුවේය.
නිව්යෝර්ක්හිදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා පැවැසුවේ මෙය දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවය.
මේ දිනවල ඊට අදාළ නීතිමය තත්ත්වයන් සකස් කරමින් තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා දැනට රටේ ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් අවසන් වී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වූ පසුව සමාජ ආරක්ෂණ ක්‍රමයක් ද ඇති කරන බව ද කීවේය. ඉදිරි වසර තුන ඇතුළත රට යහපත් තත්ත්වයට පත් කරන බවද ඇමැතිවරයා පැවසුවේය.
👁️ 1,100 Views