September 27, 2025
ලබන වසර (2026) සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමට අදාළ විසර්ජන පනත් කෙටුම්පත කම්කරු ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (26දා) ඉදිරිපත් කරන ලදී.
2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වැනි දා ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ජාතික ජනබලවේග රජය සිය දෙවැනි අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.
විසර්ජන පනත් කෙටුම්පතෙන් එළැඹෙන වසර සඳහා වන වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි.
එලෙසම රුපියල් බිලියන 618ක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත.