Advertise here

අමෙරිකානු සංචාරය නිම කර ජනපති ජපාන නිල සංචාරයක් අරඹයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 360 Views

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (25) රාත්‍රියේ  ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගොස් ඇත. 

ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

👁️ 360 Views

More News..

Advertise here