Advertise here

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,400 Views

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.

ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති මෙලෙස වසර පහක සිර දඬුවමක් නියමකළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අක්‍රීය දූෂණය සහ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් පැරිස් අපරාධ අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කළේය.

70 හැවිරිදි සාකෝසි 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා විය.

👁️ 1,400 Views

More News..

Advertise here